කොරියානු රජය සමග අත්සන් කර තිබෙන්නේ අවබෝධතා ගිවිසුමක් පමණක් බවත් මෙරට ඉඩම් කිසිම විදේශිකයෙකුට විකිණිය නොහැකි බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසනවා. අද පැවති මාධ්‍යහමුවකදී වෛද්‍යරත්න මහතා මේ බව ප්‍රකාශ කළා.
මාධව වෛද්‍යරත්න – අතිරේක ලේකම් – මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය,
හෝමාගම ප්‍රදේශයෙන් අක්කර 400 ක් කොරියානු රජයට විකිණීමට සූදානම්කර ඇති බව පවසමින් හෝමාගම ජනතා අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය අද කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වූවා. ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. එහිදී ජනාධිපති ලේකම්වරයා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය සදහා ඉඩම් අක්කර 250 ක් හදුනාගෙන තිබුණ ද ඒ අතර ජනතාව පදිංචිවී සිටින ඉඩම් නොමැති බවයි. කරුණු පහදා දීමෙන් අනතුරුව රැස්ව සිටි විසිර ගිය බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.
Post a Comment