Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එකාබද්ධයේ උද්ඝෝෂණයට පිරිස් ගෙන්වා ගැනීමට නව උපක්‍රමයක්  

Add comments

එකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයට ජනතා සහභාගීත්වය අඩුවන ලකුණු පෙන්නුම් කිරීමත් සමග රාජපක්ෂවරුන් නව උපක්‍රමයක් යොදමින් පිරිස් ගෙන්වා ගැනීමට උත්සාහ දරනවා.

එකාබද්ධයේ නාමල් රාජපක්ෂ පාර්ශ්වය සංවිධාන කරන මෙම උද්ඝෝෂණයට සෙනග ගෙන්වා ගැනීම සදහා අස්ගිරි හා රාමඤ්ඤ යන නිකායවල මහනායක ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත්තේ මෙහි එක් අදියරක් ලෙසයි. ඒ සදහා නාමල් රාජපක්ෂ පාර්ශ්වයේ නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ හා දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් ක්‍රියාකළා.

කෙසේ වුවද මෙවැනි විරෝධතා පවත්වන්නේ නීතිවිරෝධී මත්පැන් පෙරීමේ නිරතවූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයා වැනි අය පාර්ලිමේන්තුවට ගෙන ඒමටදැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. එසේත් නැත්නම් වනජීවී නිලධාරීන්ට පහරදුන් හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයා වැනි අය රට හදන තැනට ගෙන ඒමටදැයි ඇතැමුන් විමසා සිටිනවා.

කෙසේ වුවද ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයට සහභාගී වන්නේ ගමේ සිටින ඔවුන්ගේ මෙවැනි ප්‍රාදේශීය නායකයන් වීම විශේෂත්වයක්. මේ අනුව ඒකාබද්ධයේ විරෝධතාව ජනබලයක් නොව සොරුන්ගේ වංචනිකයන්ගේ හා මැරවරයින්ගේ එකමුතුවක් බව පැහැදිලියි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG