
ඕස්ට්‍රේලියාවේ ඇපල් සහ කෙසෙල් තුළින්ද ඉදිකටු හමුවී තිබෙන බවට පැමිණිලි ඕස්ට්‍රේලියානු පොලීසියට ලැබී ඇති බව වාර්තා වනවා.
මීට පෙර ඕස්ට්‍රේලියා වෙළඳපලට නිකුත් කර ඇති ස්ට්‍රෝබෙරි තුළින් ඇදුම් මැසීමට ගන්නා ඉදිකටු හමුවීමේ සිද්ධියක් වාර්තා වුණා. ප්‍රාන්ත 06 කින් ස්ට්‍රෝබෙරි පිළිබදව වාර්තා ලැබුණද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් මෙය බහුලව වාර්තා වී තිබුණා. මෙම වගාවන් අඩපන කිරීමට මෙවැනි අපරාධ සිදු කරන බවටයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. ඇපල් සහ කෙසෙල්වලින්ද ඇදුම් මැසීමට ගන්නා ඉදිකටු හමුවීම සිඩ්නි නුවරින් වාර්තා වී තිබෙන්නේ. මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවයි එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කළේ.
Post a Comment