
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කාර්යාලය සතුව තිබූ වෙඩි නොවදින වාහන ඇතුළු තවත් වාහන කිහිපයක් වෙන්දේසි කෙරුණා. පාකිස්තානයේ මූල්‍ය අර්බුදයට විසදුම් සෙවීම අරමුණයි.
වාහන වෙන්දේසි කිරීමෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 16 ක ලාභයක් අපේක්ෂා කෙරුණා. වෙන්දේසියෙන් උපයාගෙන ඇත්තේ ඩොලර් ලක්ෂයක් පමණයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර අග්‍රාමාත්‍ය නිල නිවසේදී වෙන්දේසිය සිදු කෙරුණා. හෙලිකොප්ටර් යානා හතරක් ද වෙන්දේසියට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළද එය මෙම මස අග භාගයේදී සිදු කරන බවයි නිවේදනය කෙරුණේ. වෙන්දේසිය සදහා වාහන සියයක් පමණ ඉදිරිපත් කළ අතර ඉන් වාහන 62 ක් පමණ වෙන්දේසි වුණා. ඇමෙරිකා ඩොලර් මිලියනකට අධික වාහන දෙකක් ඇතුළු සුපිරි පන්නයේ වාහන රැසක් එහිදී අලෙවි වූයේ නැහැ.
Post a Comment