Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නෑ  

Add comments

රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. දේශපාලන වාසි වෙනුවෙන් ඇතැම් පුද්ගලයන් ඖෂධ හිඟයක් මවාපාන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අමාත්‍ය රාජිත සේනාරත්න,

පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව නාරහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳ සමාලෝචනයක් මෙහිදී සිදුකෙරුණා. ඖෂධ බෙදාහැරීම කඩිනම් කිරීම සදහා පහසුකම් සැලසීමට ද අමාත්‍යවරයා කටයුතු කළා. අමාත්‍යාංශ ලේකම් බී ජී එස් ගුණතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන් සහ ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG