Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්ස්ටන්ට එරෙහි නඩුව අද යළි විභාගයට  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මූල්‍ය වංචා නඩුව අද යළි විභාගයට ගැනුණා. විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට ගත් එම නඩුවේදී සතොස ආයතනයේ මෙහෙයුම්කරුවෙකු වන විජයබණ්ඩාර රත්නායක මහතාගෙන් සාක්ෂි විමසීම සිදු කෙරුණා.   ඔහු පවසා සිටියේ හිටපු අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව එවා තිබුණු ලිපියට අදාලව භාණ්ඩ නිකුත් කළ බවයි.

එම භාණ්ඩ කුරුනෑගල දිස්ත්‍රික්කයේ දිලිඳු ජනතාවට බෙදාදීමට බව ලිපියේ සදහන් කර තිබුණද ඒවා බෙදා දුන්නාද නැද්ද යන්න තමන් නොදන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවා. මෙම භාණ්ඩ නිකුත් කිරීම සම්බන්ධයෙන් 2015 වර්ෂයේදී තමන් මූල්‍ය අපරාධ විමර්ශන අංශයටද කට උත්තර ලබා දුන් බව  විජේබණ්ඩාර මහතා සාක්ෂි දෙමින් පැවසුවා .  නඩුවට අදාළ සාක්ෂි විමසීම හෙට දිනට කල් තැබූවා.  එතෙක් නඩුවට අදාළ සියළු විත්තිකරුවන් රිමාන් භාරයට පත් කිරීමට ද නියෝග කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG