
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බලශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ආසියා සංවර්ධන බැංකුව රුපියල් මිලියන අටදහසක් ලබාදී තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේ දී අද අත්සන් තැබුණා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වහල මත සවිකරන සූර්ය බලශක්ති උත්පාදන වැඩසටහන සදහායි මෙම මුදල් ලබාදී තිබෙන්නේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූතමණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය ගිවිසුමට අත්සන් තැබුවා.
ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මකයි. සූර්ය බලශක්ති උත්පාදන සහන ණය යෝජනා ක්‍රමය සදහා ව්‍යවසායකයන් වෙත රුපියල් මිලියන හතයි දශම පහක් දක්වා ණය මුදලක් ලබාදෙනවා. ඒ සියයට අටක සහන පොලී අනුපාතය යටතේයි. සූර්ය බලශක්තිය මගින් 2020 වසර වනවිට මෙගාවොට් දෙසීයක් සහ 2025 වසර වන විට මෙගාවොට් දහසක් ජනනය කිරීම රජයේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 50 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතයි.
ඒ තුළින් පාරිභෝගිකයන්ට තම නිවසට නොමිලේ විදුලිය ලබාගත හැකියි. ඊට අමතරව අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට යොමුකෙරෙනවා. මෙම ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමෙරිකා ඩොලර් මිලියන පනස්නවයයි දශම අටක්. එම පිරිවැයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 50 ක් ආසියා සංවර්ධන බැංකුව මගින් ලබාදෙනවා. උප ව්‍යාපෘති සදහා පාරිභෝගිකයින්ගේ කොටස් දායකත්වය ඇමෙරිකා ඩොලර් මිලියන නවයයි දශම අටක්. ව්‍යාපෘතියේ ප්‍රගතිය මත ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක් දක්වා ණය සීමාව ඉහළ නැංවෙනු ඇති.
Post a Comment