හික්කඩුව ,වැරැල්ලාන ඉන්ධන පිරවුම්හලේ සිදුවූ කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
හික්කඩුව ,වැරැල්ලාන ඉන්ධන පිරවුම්හල පසුගිය හතරවනදා රාත්‍රියේ කිසියම් පිරිසක් කොල්ලකා තිබුණා. ඒ පිළිබද සිදුකළ පරික්ෂණවලදී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලිසිය සමත්වුණා. ඔවුන් කටුවන, ඕබඩදෙණිය, කොස්ගොඩ සහ ඌරගස්මංහන්දිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධියේ ප්‍රධාන සැකකරුට විදෙස් රැකියාවකට යාම සදහා රුපියල් ලක්ෂ දහයක මුදලක් අවශ්‍යව තිබූ අතර එම මුදල් සොයා ගැනීම සදහා මෙම කොල්ලය සිදුකළ බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා. ඔවුන් සතුව තිබූ ගිනි අවි දෙකක් ,ජීව උණ්ඩ හතරක් , ජංගම දුරකතන හතරක් මෙන්ම යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment