රෝගාතුරව සිටින කුඩා දරුවෙකුගේ ජීවිතයක් බේරා ගැනිම සදහා යැයි පවසමින් දිවයිනේ විවිධ ප්රදේශවල ටිකට් පත් විකුණු පුද්ගලයන් තුන් දෙනෙකු කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනුණේ අදාළ දරුවා මිට මාස හතකට පෙර මිය ගොස් ඇති බව අනාවරණය වීමත් සමගයි.
මස්පිඩු දිය වීමේ රෝගයකට ගොදුරු වී සිටි රුවන්වැල්ල ප්රදේශයේ දහතුන් හැවිරිදි පිරිමි දරුවෙකු ඡායාරූපයක් පෙන්වමිනුයි මෙම සැකකරුවන් මුදල් එක්රැස් කිරිමේ ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ. කෙසේ වෙතත් එම දරුවා පසුගිය පෙබරවාරි 24 වන දින මිය ගියද මෙම දරුවා සුවපත් කිරිමට යැයි පවසමින් අදාළ සැකකරුවන් දිගින් දිගටම මුදල් එක්රැස් කර තිබෙනවා. මෙම ජාවාරම පිලිබදව කටුනායක පොලිස්ථානයට ලැබුණු තොරතුරකට ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් පසුගිය අට වෙනිදා පිහිටි කර්මාන්ත ශාලාවක් අසලදී මුදල් එක්රැස් කරමින් සිටි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කටුනායක පොලිසිය සමත් වුණා. සැකකරුවන් වයස අවුරුදු 40, 39 යන වයස් කාණ්ඩවලට අයත්වන අතර මින් එක් පුද්ගලයෙකු මියගිය දරුවාගේ ඥාතියෙකු බවයි පොලිසිය සදහන් කරන්නේ. සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතයි.
Post a Comment