Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු ගුවන් යානයක් සිරියාවේදී අතුරුදන් වෙයි  

Add comments

රුසියානු හමුදාවට අයත් ගුවන් යානයක් සිරියාවට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී රේඩාර් සංඥාවලින් අතුරුදන් වී තිබෙන බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. රුසියාන අයි.අයි. විස්ස ගුවන්යානය සිරියාවට කිලෝමීටර් 35 ක් දුරින් මධ්‍යධරනී මුහුදේ ඉහළ අහසේ පියාසර කරමින් සිට තිබෙනවා. එම ගුවන්යානයේ හමුදා භටයින් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ගමන් කරමින් සිටි බව සදහන්.

මෙම ගුවන්යානය ලටෙකියා නගරයේ සිට හෙමයිමිම් හමුදා ගුවන් කදවුර වෙත  පියාසර කරමින් තිබුණා. ගුවන් යානය සොයා පරීක්ෂණ අරඹා ඇති බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ. සිරියාව විසින් ඊශ්‍රාලයේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අවස්ථාවකදීයී මෙලෙස යානය අතුරුදන් වී ඇත්තේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිරියා රජය කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG