Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ ඉන්දීය පවුල් පදිංචිය ගැන වාර්තා අසත්‍යයි  

Add comments

උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් නැදුන්කර්නි ගම්මානයේ ඉන්දීය පවුල් 250 ක් පදිංචිකර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙරට කිසිදු ප්‍රදේශයක එවැනි වූ විදේශිකයින් හෝ විදේශීය පවුල් පදිංචිකර නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ වනවිට ගැටුම් පැවති සමයේ ඉන්දියාවේ රැකවරණය පතා ගිය ශ්‍රී ලාංකිකයින් 10675 දෙනෙකු එම ගැටුම් අවසන් වූ පසු 2009 වර්ෂයේ දී සිය කැමැත්තෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මෙම පුද්ගලයින් සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වන අතර පුරවැසි භාවය තහවුරුකර ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG