
උප්පැන්න විවාහ හා මරණ සහතික නිකුත් කිරීමේ කඩිනම් සේවාව බත්තරමුල්ලෙන් අද ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්වල පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න විවාහ සහ මරණ සහතිකවල පිටපත් විනාඩි පහක කාලයකදී ලබා ගැනීමේ පහසුකම් පවතිනවා.
බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයෙන් ආරම්භ කෙරුණු වැඩපිළිවෙළ සදහා විශේෂ කවුළු දෙකක් විවෘතයි. අමාත්‍ය වජිර අබේවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ජේ සි අලවතුවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කවුළු විවෘත කෙරුණා. 1960 වසරේ සිට 2012 දක්වා නිකුත් කළ සියලු සහතික පිටපත් දත්ත ගබඩා කර තිබෙනවා. එම තොරතුරු ක්ෂණිකව ලබාගත හැකිවීම මෙම සේවාවේ විශේෂත්වයයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අතුරින් කාර්යාල 183 ක පමණක් මෙම සේවාව ක්‍රියාත්මක වූ බවයි. මාළිගාවත්ත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් මධ්‍යම ලේඛනාගාරයේද මෙම කඩිනම් සේවාව මේ වන විට ක්‍රියාත්මකයි.
Post a Comment