
තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශය සදහා වන යුනෙස්කෝ ජාත්‍යන්තර දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් ප්‍රකාශිත මෙම දිනය මෙවර සැමරීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීම විශේෂත්වයක්. විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සැමරුම් උළෙල සංවිධාන කෙරෙනවා. අද (28) සහ හෙට (29) යන දෙදින පුරා කොළඹදී මෙය පැවැත්වෙනවා. දැනුම පදනම් ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් පමණක් නොවී ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කැපවී සිටින බව මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.
(මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදයේ හා තොරතුරු යුගයේ මූලික අඩිතාලමයි. වෙළෙඳපොලවල් වෙනස්වී තිබෙනවා. සුපිරි වෙළෙඳසැල් වැසී යනවා. මම විදේශගතවුණාම යන්න කැමතිම බාන්ස් ඇන්ඩ් නෝබල් පොත් හලත් මේ වනවිට වැසීගොස් තිබෙනවා. මේ සියල්ල වෙනුවට අන්තර්ජාල වෙළෙඳාම ප්‍රචලිත වෙමින් පවතිනවා. මෙයයි ලෝකයේ අනාගතය. දැනුම තමයි එහි යතුර. මොකද හතරවන කාර්මික විප්ලවය රදාපවතින්නේ දැනුම මත. ලංකාවෙ අපි කොහොමද ඊට අවශ්‍ය දැනුම ළඟාකර ගන්නේ. අපි දැන් අනාගතය දෙස බැලිය යුතුයි. ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක්. අපිට පවතින්නේ සීමිත වෙළෙඳපොලක්. එමනිසා අපි ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිවලට යායුතුයි. අප ව්‍යාපාර කරන ක්‍රමය වෙනස්කර නිෂ්පාදන මධ්‍යස්ථානයක් පමණක් නොවී ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වියයුතුයි. ඊට පදනම ද දැනුමයි. මෙම ඉලක්ක ළඟාකර ගැනීමට අපි මේ වනවිට කැපව සිටින අතර අපි එම ගමන ආරම්භ කරලයි තියෙන්නේ.)
Post a Comment