Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN මාධ්‍ය ජාලයට අපහාස කළ අයට වැඩ වරදී  

Add comments

අයිටීඑන් මාධ්‍ය ජාලයට අපහාස වන පුවතක් අන්තර්ජාලයේ පළ කල පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරේ. අයිටීඑන් මාධ්‍ය ජාලයේ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආචාර්ය පුලස්ති ගුණවර්ධන සහ එම අංශයේ කලමණාකරු සංජීව නෝනිස් යන මහත්වරුන් අද මේ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

අයිටීඑන් මාධ්‍ය ජාලයේ වීඩියෝ පට විනාශ මුඛයට ලක් කර ඇති බවට එම අසත්‍ය පුවතින් තොරතුරු මවා තිබුණා. මෙම චෝදනාව අන්තර්ජාලය පුරා පතුරවා හැරි ඇතැම් පුද්ගලයන් අයිටීඑන් ආයතනයේ සේවය කර විවිධ හේතූන් මත ඉන් ඉවත් වූ පුද්ගලයන් බව ද වාර්තා වනවා. ස්වක්‍රීය පටු අභිමතාර්ථ වෙනුවෙන් මෙලෙස ව්‍යාජ චෝදනා නගා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කල එම පැමිණිල්ලේ සදහන් වන්නේ. මෙලෙස අසාධු ලේඛන ගත කර ඇති වීඩියෝ පටවලින් බොහොමයක් අයිටීඑන් මාධ්‍ය ජාලය ආරම්භක අවස්ථාවේ සිට භාවිත කල වෙළෙද දැන්වීම් බව අයිටීඑන් බලධාරීන් අවධාරණය කර සිටිනවා. එම වෙළද දැන්වීම් වාර්තමානයේ භාවිත නොවේ. එම බොහෝ වෙළද භාණ්ඩ වත්මන් වෙළෙද පොලේ දක්නට නොලැබෙන අතර ඒවායේ සේවාදායකයින්ද සොයා ගත නොහැක. එමෙන්ම පැරණි තාක්ෂණයෙන් යුත් එම කැසට් පට ධාවනය කිරීම සදහා අවශ්‍ය වන යන්ත්‍ර සුත්‍ර ද නූතනයේ භාවිත නොවේ. මේ නිසා මෙම කැසට් පට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලෙස අපහරණය කිරීමට අයිටීඑන් බලධාරීන් තීරණය කර තිබේ.

මේ වන විට ඉතා ඉහළ තාක්ෂණික පහසුකම් සහිතව පැරණි විඩියෝ පට සංරක්ෂණාගාරයක් අයිටීඑන් නව මැදිරි සංකීර්ණයේ පවත්වා ගෙන යනු ලබයි. ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ආසියාවේ ප්‍රථම වර්ණ රූපවාහිනිය වන අයිටීඑන් මාධ්‍ය ජාලය සතු වටිනා විඩියෝ මූලාශ විශාල ප්‍රමාණයක් මෙම සංරක්ෂණාගාරයේ තැන්පත් කර තිබේ. දිනෙන් දින ජනප්‍රිය වන අයිටීඑන් මාධ්‍ය ජාලයේ ජනප්‍රියත්වය කෙලෙසීම සදහා පටු දේශපාලන අරමුණකින් මෙම චෝදනාව සිදු කරන්නක් බව අයිටීඑන් බලධාරින් පෙන්වා දෙති. අන්තර්ජාලය හරහා අපහාස කරන මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අයිටීඑන් බලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG