Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමඟ නව ගිවිසුමක්  

Add comments

ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට ඝෘජුව බලපාන ක්ෂේත්‍රවල සීග්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ අරමුදල සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇමරිකා සංචාරයට සමගාමීව ඊයේ (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී සිදු විය.

ඒ අනුව සමාජ ප්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළ ව මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි.එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය ද සහභාගි කරවා ගැනීම මේ තුළින් අපේක්ෂා කරයි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සහභාගිත්වයෙන් ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය.එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සත්‍යා රුද්‍රිගෝ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG