Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිකඩ ඝාතන සිද්ධියේ සැකකාර පොලිස් පරීක්ෂක සහ බන්ධනාගාර අධිකාරී තවදුරටත් රිමාන්ඩ්  

Add comments

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් විසිහත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔවුන් ඔක්තෝබර් මස දෙවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ. සැකකරුවන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණය මගින් මීට පෙර ප්‍රතික්ෂේප කෙරුණා. සිද්ධියට අදාළ පරීක්ෂණවලදී හමු වූ ටී 56 ගිනි අවි විසිපහක් සම්බන්ධයෙන් විශ්ලේෂකයන් ලබා ගැනීමට නියමිතයි. ඒ සදහා එම අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. අදාළ වාර්තාව මෙතෙක් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG