Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිය සෑම පුද්ගලයෙකුටම සමානයි  

Add comments

නීතිය සෑම පුද්ගලයෙකුටම සමානව ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තිය බව රජය අවධාරණය කරනවා. එකිනෙකාට වෙනස් ලෙස සැලකීමේ ප්‍රතිපත්තිය වත්මන් රජය වෙනස් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීමට රජය පියවර ගත්තා. එහිදී වංචනිකයින්ට, දූෂිතයින්ට හා වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීම ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මැදිහත්වීමෙන් සිදු වූ බවට ඒත්තු ගැන්වීමේ ප්‍රයත්නයක ඒකාබද්ධ විපක්‍ෂය නිරතව සිටිනවා.

ඔවුන් ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයකයි එය සඳහන් වන්නේ. එහෙත් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ආරක්‍ෂක අංශ පියවර ගත්තා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ද ප්‍රශ්න කර තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රකාශ පිළිගත නොහැකි බවයි නානායක්කාර මහතා සඳහන් කරන්නේ.

නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG