Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපනයනය සදහා සුදුසු මිදි ප්‍රභේද හදුන්වාදීමට පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස්  

Add comments

උතුරේ වගා කළ හැකි අපනයනය සදහා සුදුසු මිදි ප්‍රභේද හදුන්වාදීමට පර්යේෂණ අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාවේ වැඩිම මිදි අස්වැන්නක් ලබා ගන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන්. එහෙත් එම මිදිවලින් වැඩි ප්‍රමාණයක් වයින් නිෂ්පාදනය සදහා යොදා ගන්නවා. එම මිදි සදහා පාරිභෝගිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින්නේ ද නැහැ. මේ නිසා හොද තත්ත්වයේ මිදි විශේෂ හදුන්වා දෙන ලෙස යාපනය ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුවයි අමාත්‍යවරයා ඒ සදහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මිදි සම්බන්ධයෙන් දැනට නව පර්යේෂණ ආරම්භ කර නැහැ. එහෙත් මෙරට වගා කළ හැකි මිදි විශේෂයක් හදුන්වාදීමට සැලසුම් කර තිබෙනවා. එම පර්යේෂණ කිලිනොච්චිය කෘෂිපර්යේෂණ ආයතනය මගින් සිදු කිරීමට නියමිතයි. මේ අනුව යාපනය ප්‍රදේශයේ වගා කළ හැකි ගුණාත්මක මිදි ප්‍රභේදයක් හදුන්වාදීමට කඩිනම් පියවර ගනු ඇති.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG