Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව සහ චීනය අතර වෙළද යුද්ධය උත්සන්න වෙයි  

Add comments

ඇමෙරිකාව සහ චීනය අතර වෙළද යුද්ධය තවත් උත්සන්න කරමින් ඇමෙරිකා ඩොලර් මිලියන දෙසීයක් වටිනා චීන භාණ්ඩවලට නව තීරු බදු පනවා තිබෙනවා. චීනයෙන් ආනයනය කරන  භාණ්ඩ හයදහසකට අධික සංඛ්‍යාවකට මෙය අදාළ වනවා.  ඇමෙරිකාව මෙතෙක් ප්‍රකාශයට පත් කළ ඉහළම  බදු නැංවීම මෙයයි. චීනයෙන් ආනයනය කරන  සහල්, රෙදිපිලි, අත්බෑග් සහ තවත් උපකරණ මෙන්ම සුඛෝපභෝගී ආසනද, අත්ඔරලෝසුද මේ අතර  වන බවයි වාර්තා වන්නේ. මෙම නව බදු පැනවීම ලබන 24 වනදා සිට සියයට දහයෙන් ආරම්භවනවා. ලබන වසර වන විට එය සියයට 25 දක්වා ඉහළ නැංවීමටයි සැලසුම් කර ඇත්තේ.  කෙසේ වෙතත් ඉදිරියේදී ඇමෙරිකාව සමග එකට එක බදු පැනවීමක් සිදු කරන බව චීනය පවසනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG