Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ණය සහ ආධාර යටතේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය ජනාධිපති ප‍්‍රධානත්වයෙන්  

Add comments

චීන ණය සහ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

චීන ණය සහ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. අදාළ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ගැටලු නිරාකරණය සඳහා ගතයුතු පියවර මෙහිදී අවධානය යොමුවුණා. ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කිරීමට රජය කඩිනම් පියවර ගන්නා බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

මේ අතර ජනාධිපති කාර්යාලයේ දී සර්ටෝරා 2018 වැඩසටහනේ ප්‍රථම නිල ලාංඡනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම සිදුකෙරුණා. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතින්. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ මෙහෙයවීමෙන් ලබන 21 වනදා සිට 23 වනදා දක්වා ධර්මරාජ විද්‍යාලයීය ලේක්විව් පාර්ක් ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානයේදී සර්ටෝරා 2018 වැඩසටහන පැවැත්වීමට නියමිතයි. මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට වසර 105 ක් පිරීම සහ විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංගමයට 40 වසරක් සපිරීම නිමිත්තෙන් පළමුවරටයි මෙරට බාලදක්ෂයින් සඳහා මෙවැනි ආපදා කළමනාකරණ වැඩසටහනක් පැවැත්වෙන්නේ. බාලදක්ෂ සංගමයේ කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG