
පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් කොලොන්නාව ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් සිදුකළ වැටලිමකින්. ප‍්‍රදේශයේ වෙළදසැල් පරික්ෂා කිරිමේදි පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ ග‍්‍රෑම් 1750 ක් ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ. කල් ඉකුත්වූ ආහාර තොග කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දි විනාශ කර තිබෙනවා. වෙළදසැල් දෙකකට මුද්‍රා තබා නඩු පැවරිමට ද පියවර ගත් බවයි කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නෙ.
Post a Comment