Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දු – නේපාල නව දුම්රිය මාර්ගයක්  

Add comments

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ඉන්දියාව දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරිම සදහා සහය වීමට ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළකළා. ඒ නේපාල අග‍්‍රාමාත්‍ය කේ පි ෂර්මා ඔලි සමඟ පැවති සාකච්ඡාවකදි. බිම්ස්ටෙක් සමුළුවට සමගාමිව ඉන්දිය – නේපාල රාජ්‍ය නායක සාකච්ඡා පැවැත්වුණා. එහිදි දුම්රිය මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයක් සදහා ගිවිසුමකට ද අත්සන් තැබු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. කත්මණ්ඩු නුවර සිට ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ රැක්සෝල් නුවර දක්වා කිලෝ මීටර් 130 ක් දුරට දිවෙන දුම්රිය මාර්ගය කඩිනමින් ඉදිකර අවසන් කිරිමයි දෙරටේම අපේක්ෂාව. චීනය ද එරට සිට නේපාලය දක්වා දුම්රිය මාර්ගයක් තැනිමට සැලසුම් කර තිබියදි ඉන්දියාව ද දුම්රිය මාර්ගයක් ඉදිකිරිම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG