රුසියානු ගුවන් හමුදා යානා සිරියාවේ ඉඩ්ලිබ් පළාතට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා.
සිරියාවේ, ඉඩ්ලිබ් හි නිරිතදිග ප්‍රදේශයේ කැරළිකරුවන් සිටින ස්ථාන කිහිපයකටයි මෙලෙස ප්‍රහාර එල්ල කර තිබෙන්නේ. ඒ පසුගියදා ටෙහෙරානයේදී කැරළිකරුවන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුවයි.
රුසියාවේ සහ ඉරානයේ සහාය ලබන සිරියානු හමුදා, කැරළිකරුවන් වෙත නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිටිනවා. කෙසේ වෙතත් තුර්කිය ඇතුළු බොහෝ රටවල් පවසන්නේ සිරියාවේ ජනතාව මානව හිංසනයට ගොදුරුවන බවයි. එම පළාතේ දහස් ගණනක් ජනතාව ජාත්‍යන්තර ආරක්ෂාව පතා විරෝධතාවක් ද පැවැත්වූවා.
Post a Comment