පාසල් සිසුවකු ලිංගික අපයෝජන කිරීමට සම්බන්ධ පුද්ගලයකු ඊයේ (25 ) සවස අත්අඩංගුවට ගත් බව බලංගොඩ පොලිසිය සඳහන් කළා. මෙසේ අපයෝජන ලක්ව ඇත්තේ බලන්ගොඩ අලුත් නුවර ප්රදේශයේ 12වියැති පාසල් සිසුවෙක්. එම සිසුවා බලංගොඩ රෝහලේ ප්රතිකාර ලබන බව බලංගොඩ පොලිසිය පවසනවා.
අත්අඩංගුවට පත් සැකකරු ඉඹුල්පේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ලෙන කන්ද ග්රාමසේවා වසමේ සේවය කරන (35 ) වියැති ග්රාමනිලධාරිවරයෙක්. මොහු එක්දරු පියකු වන අතර එම ප්රදේශවල පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකුද වනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු අද(26) බලංගොඩ මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි බලංගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Post a Comment