2018 විවාහක ලක් රූ රුජින තරගය පසුගියදා නිමාවට පත්වූයේ එහි ජයග්රාහී කිරුළ සුමුදු ප්‍රසාදිනිට හිමිකර දෙමින්. සුමුදු මේ දිනවල සූදානම වෙන්නේ 2019 ජනවාරියේ චීනයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වෙන්නටයි.
තරගය සන්විධානය කර තිබුණෙ චන්දිමාල් ජයසින්හ විසිනුයි. මෙය තරග වට කිහිපයක් යටතේ සන්ව්ධානය කර තිබුණා.අවසන් වටයට තේරී පත් වුණ තරගකාරිනියන් 12 අතර උනුසුම් තරගකාරීත්වයක් දකගන්නට තිබුනත් එය අවසන් වුනෙ සුරූපි සුමුධුට කිරුල හිමි කර දෙමින්.
කිරුල දිනු සුමුධු සිය ජයග්‍රහනය ගැන කතා කලේ මෙවන් අදහසක්.
ඇත්තම කියනවා නම් මුලදී මම ඔය තරගයට යන්න අකමැති වුණා. පුතා (අඛිල) ට දැන් අවුරුදු 2 1/2යි. පුතා ඉපදුනාට පස්සේ මට අඩුම තරමින් සැලොන් යන එක ගැන තිබුණු උනන්දුව පවා ටිකක් අඩුවුණා මොකද මම පුතා වෙනුවෙන්ම කැපවෙලයි හිටියේ. මිථිල (සැමියා) තමයි මාව තරගයට යවන්න උනන්දු කළේ. මම තරගයට අයදුම් කළෙත් පළමු පරීක්ෂණයට කලින් දවසේ.
ජයග්‍රහනය ගැන ලොකු සතුටක් දැනෙනවා. 2019 ජනවාරි 11 වැනිදා පැවැත්වෙන ලෝක විවාහක රූ රුජින තරගයට සහභාගි වීම සඳහා ලබන ජනවාරියේ මම චීනයට යා යුතුයි. එ්ක මට ලොකු වගකීමක්. මේ දවස්වල මම වෙහෙසෙන්නේ එ් වෙනුවෙන්.කිරුළ හිමිවීමත් සමග ගොඩක් අය මට කතා කරලා සුබ පැතුවා එ් ගැන ගොඩක් සතුටුයි
Post a Comment