Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිනිස් වෙළදාමට එරෙහි නීති තද කරයි  

Add comments

මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතන වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ‌ලෙස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කාර්යාංශය චක්‍රලේඛ මගින් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන දැනුවත් කර ඇති අතර එවැනි මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිත ආයතනයන්හී බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරන ලෙස ඒ අනුව නියෝග කර ඇතිබවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ.

වංචනික ලෙස අයතා ක්‍රම භාවිතා කරමින් විදේශ රැකියා සඳහා යොමු කර ශ්‍රමය සූරාකෑම, ලිංගික සූරාකෑම හෝ අවයව ලබා ගැනීම සිදුකරයි නම් එය මිනිස් වෙළඳාම යටතට ගැනෙන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 (ඇ) වගන්තියට අනුව බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් වනවා.

කාර්යාංශයේ ස්ථාපිත කර ඇති මිනිස් වෙළදාම මැඩලීමේ ඒකකයට 2018 වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ පැමිණිලි 29ක් ලැබී ඇති අතර, ඉන් 12ක් අපරාධ විමර්ශන ඒකකයට යොමු කෙරුණා. තවත් පැමිණිලි 15ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට යොමුකර ඇති අතර, සමථ අංශය වෙත පැමිණිලි 2ක් යොමුකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG