හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවකින් රූගත කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසනවා.
පසුව සිදුකළ විමර්ශන වලින් හෙළිවී ඇත්තේ ඔවුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවෙක් බවයි. ඔවුන් අද (26) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවනවා.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඊයේ (25) දහවල් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර ඇති අයුරු එම නිවසේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දැක වහාම එය ගුවන්ගත කරමින් සිටි පුද්ගලයන් අසලට ගොස් ඒ පිළිබඳ විමසා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන රෝපණ වැඩසටහනට අයත් රූගත කිරීමක් ඩ්‍රෝනා කැමරාවක ආධාරයෙන් සිදුකර ඇති බව මෙහිදී අනාවරණය වී ඇති නමුත් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරයක් ලබාගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය දැනුම්වත් කළ යුතු වුවද මෙම අධි ආරක්ෂිත කලාපයේ සිදුකළ මෙම ක්‍රියාව සඳහා ඒ කිසිදු අවසරයක් ගෙන නොමැති බවයි හෙළිව ඇත්තේ.
Post a Comment