ශ්‍රී ලංකාවේ මධ්‍යම, උතුරු මැද, සබරගමුව, හා ඌව පළාත්වල රෝහල් ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඇ.ඩො.මි. 50 ක මූල්‍ය ආධාර ලැබී තිබෙනවා.
මේ සඳහා වන ගිවිසුම් දෙකකට අද දින (26) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අත්සන් තැබුණා.ණය සහ ප්‍රදාන වශයෙන් පිළිවෙලින් ඇ.ඩො.මිලියන 37.5 ක් සහ ඇ..ඩො.මිලියන 12.5 ක් ලබාගැනීම සදහා වන මෙම ගිවිසුම් වලට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතාසහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රී විදෝවතී මහත්මිය අත්සන් තැබීම සිදුවුණා.
සෞඛ්‍ය සේවා සංවර්ධනය සදහා වූ ජාතික ක්‍රමෝපායික රාමුව (2016-2025) සමග අනුගතවෙමින් ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් පද්ධතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාවය ඉහල නැංවීම සදහා මෙම ගිවිසුමට එළඹ තිබෙනවා.
යෝජිත සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ඌව, සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද යන භුගෝලීය වශයෙන්, සමාජීය සහ ආර්ථික වශයෙන් අවාසි සහගත තත්වයෙන් ජීවත්වන ජනගහනයකින් යුත් පළාත් 04 ක ක්‍රියාත්මක වනවා.
යෝජිත ව්‍යාපෘතියෙහි ආසියානු සංවර්ධන බැංකුවෙහි මූල්‍ය ඇ.ඩො.මිලියන 12.5 ක ප්‍රදානයකින් සහ ඇ.ඩො.මිලියන 37.5 ක සහනදායී ණය මුදලකින් සමන්විතයි. මෙම ව්‍යාපෘතියේ සමස්ථ ආයෝජනය ඇ.ඩො.මිලියන 60 ක් වන අතර එහි ශ්‍රී ලංකා රජයේ දායකත්වය ඇ.ඩො.මිලියන 10 ක් වනවා.
යෝජිත ව්‍යාපෘතියේ අරමුණු අනුව ඉහත පළාත්වල දිස්ත්‍රික් රෝහල්වල පිහිටා ඇති ප්‍රාථමික වෛද්‍ය ඒකක සහ ඒවායේ පහසුකම් පුනරුත්තාපනය කිරීම, අධීක්ෂණ සහ පිටස්තර සේවා සදහා වෛද්‍ය නිලධාරීන් සදහා වාහන මිලදී ගැනීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව භාවිත කිරීම සදහා මහජනතාව දැනුවත් කිරීම ඔස්සේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අයත් වේ.
එමෙන්ම, පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම,වෛද්‍ය තොරතුරු ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික සෞඛ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුලින් සෞඛ්‍ය හා රෝග පාලනයන් ශක්තිමත් කිරීම, ධාරිතාව ගොඩනැංවීම සහ ව්‍යාපෘති කළමනාකරණ සහාය ලබාදීමද ඇතුළත් වනවා.
Post a Comment