Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බඩේ අමාරුවට බේත් ගන්න ගිය දැරිය මාස 5ක ගැබිණියක් !  

Add comments

සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ කලුදිය ආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහසයක පාසල් දැරියක් රෝහලට පැමිණ තිබුණේ උදරාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටයි. ඒ අවස්ථාව වන විටත් ඇය පස් මස් වියැති ගැබිණියක් බව වෛද්‍යවරුන් අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වෛද්‍යවරුන් සෙවනගල පොලිසිය වෙත දැනුම් දී ඇති අතර පොලිසිය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර කළා. මෙම සිදුවීම සම්බන්ධයෙන් මවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය පවසා ඇත්තේ මේ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවයි. අනාවරණය කරගත් කරුණු අනුව පොලිස් නිලධාරීන් විසින් දැරියගේ සුලු පියා සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් සැකකරුවකු මීට සම්බන්ධ බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙවනගල පොලිසිය විමර්ශන සිදුකරයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG