Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිම්බෝම්බ ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් මිලියන 600 ක්  

Add comments

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සදහා ඇමෙරිකා එක්සත් ජනපදනය රුපියල් මිලියන 600 ක මුදලක් පිරිනමා තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සදහා ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණියා. ඔවුන් යාපනය , කිලිනොච්චිය , වව්නියාව සහ මන්නාරම යන ප්‍රදේශවල සංචාරය කළ බවයි වාර්තා වන්නේ. එම සංචාරය අතරතුර ඉඩම් නැවත හිමිවූ සිවිල් වැසියන් සමගද ඇමෙරිකා නියෝජිතයින් සාකච්ඡා පවැත්වූවා.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිසා සිය ජනජීවිතය පහසුවී ඇති බවයි ඔවුන් කියාසිටියේ. ඇමෙරිකා ආධාර යටතේ වර්ග මීටර් මිලියන 1.86ක භූමි ප්‍රමාණයක බිම්බෝම්බ මේ වසරේදී පමණක් ඉවත් කෙරුණා. එහිදී බිම්බෝම්බ 9344 ක් මෙන්ම පතරොම් 8637 ක් ආරක්ෂිත ලෙස ඉවත් කෙරුණා. ඇමෙරිකා දූත කණ්ඩායම් සදහන් කළේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය අගය කරන බවයි. 2020 වසර වනවිට බිම්බෝම්බ විරහිත රටක් බවට පත්කිරීමේ ඉලක්කයට සහයෝගය දැක්වීමට හැකිවීම ගැන තමන් සතුටුවන බවද ඇමෙරිකා නියෝජිතයන් සදහන් කළා. 2002 වසරේ සිට විවිධ ආකාරයේ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත රුපියල් බිලියන 9.5ක මුදලක් පිරිනමා තිබෙනවා. ඇමෙරිකා අධාර යටතේ ආරක්ෂක හමුදාව 2017 වසර වනවිට මඩකලපුව දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන් බිම්බෝම්බ වලින් තොර කලාපයක් බවට පත් කිරීමට හැකිවුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG