හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නම්වලට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් ඇමෙරිකානු බුද්ධි අංශ සොයාගෙන තිබෙනවා.
ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි ටයිම් වෝර්නර් ගොඩනැගිල්ලේ ලිපි හුවමාරු මධ්‍යස්ථානයක් වෙත මෙම පාර්සල් ලැබී තිබුණා. එම පාර්සල් පරීක්ෂා කරන අතරතුර එහි පුපුරණ ද්‍රව්‍ය ඇති බවට හදුනාගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ සිටි පිරිස් ඉවත් කිරීමටයි එරට ආරක්ෂක අංශ කටයුතු කළේ. එම ගොඩනැගිල්ලේ සී.එන්.එන් ප්රවෘත්ති කාර්යාලයද පිහිටා තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමඟ ඇමෙරිකා හිටපු ජනාධිපතිවරයාගේ සහ හිටපු රාජ්‍ය ලේකම්වරියගේ නිවාසවල ආරක්ෂාව තර කිරීමටද බලධාරීන් කටයුතු කළා. එම පාර්සලය හිටපු සී.අයි.ඒ අධ්යක්ෂවරයා වන ජෝන් බ්‍රෙනන්ගේ නමට එවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Post a Comment