Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තල්රුප්පාවට පොල් පෙන්වන වැඩක්  

Add comments

උතුරු පළාතේ පොල් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් පොල් පැළ නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් වවුනියාව වෙල්ලන්කුම ප්‍රදේශයේ පැවැත්වුණා. පොල් වගා කරන පවුල් 103කට මෙහිදී පොල්පැළ 6400ක් හා වෙනත් බෝග පැළ ද, ඔවුන්ව දිරිමත් කිරීම උදෙසා මූල්‍යාධාර වශයෙන් රුපියල් 650,000ක මුදල් මෙහිදී ප්‍රතිලාභින් වෙත ප්‍රදානය කෙරුණා.

පසුගිය කාලයේ පොල් මිල ඉහල යෑම නිසා ආර්ථික අපහසුතා රැසකට ජනතාව මුහුණපෑම නිසා පොල් වගා ව්‍යාප්තිය මඟින් එවන් අපහසුතා මඟහැරවීමට හැකිවෙතැයි පොල්වගා සංවර්ධන මණ්ඩලය පවසනවා. මේ තුළින් සෘජුව හා වක්‍රව අඩු ආදායම් ලාභී පවුල් වෙත සහනයක් ලැබෙන බවත් නිරන්තරයෙන් පොල් වගාකරුවන් සමඟ සම්බන්ධ වී පොල් වගාව දියුණු කිරීමට කටයුතු කරන බවත් පොල් සංවර්ධන මණ්ඩලය පවසයි. පොල් වගා ව්‍යාප්තිය තුළින් අඩු ආදායම් ලාභි පවුල් ආර්ථික මට්ටමින් ශක්තිමත් කිරීමට මෙමඟින් හැකිවනවා.

පොල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් හා 61 වන සේනාංකාධිපති ඇතුළු යුධ හමුදා නිලධාරීන්ගේ සංවිධානයෙන් වවුනියාව දිස්ත්රිනක් ලේකම් අයි.මොහොමඩ් හනීෆා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම වැඩසටහන පැවැත්වුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG