ඓතිහාසික කළුදිය පොකුණ පෞරාණික පූජා භූමියට ප්රවේශවීමට ඇති මාර්ගය ගිලාබැස දස මාසයක් ගත වී ඇතත් මෙතෙක් එය ප්‍රතිසංස්කරණය කර නැහැ. ඒ හේතුවෙන් කළුදිය පොකුණ ඓතිහාසික නටබුන් බැලීම සඳහා විශාල වශයෙන් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට එම ස්ථානයට ළඟාවීමට නොහැකි වී තිබෙනවා.
පුරාවිද්‍යා ස්මාරක සහිත අක්කර සියයකට වඩා වපසරියකින් යුත් මෙම භූමිය පිහිටා තිබෙන්නේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණ්ඩලම කුඹුක්කඳන්වල ප්‍රදේශයේයි. මෙහි රහතන් වහන්සේලා පන්සීය නමක් වැඩසිට ඇති බව පැවසෙනවා.
සීගිරිය කන්ඩලම ආදී ප්‍රදේශවල සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් මෙම මනරම් පොකුණු දෙකකින් සහ චෛත්‍ය ගර්භ කිහිපයකින් මෙන්ම සියයකට ආසන්න ගල්ගුහා සහිත ආරණ්‍ය ආරාම පිහිටි ඉපැරණි භූමිය දැක බලා ගැනීම සඳහා පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසනවා.
මෙම ස්ථානයට ළඟාවීමට ඇති එකම මාර්ගයේ පිහිටි බෝක්කුවක් කඩාවැටීම හේතුවෙන් එහි ගමනාගමනය කිරීමට නොහැකි මට්ටමක පවතිනවා. ඇතැම් සංචාරකයන් අතරමග තම වාහන නවතා පාගමනින් ගොස් මෙම පෞරාණික ස්ථානය දැක බලා ගන්නා බව එහි සේවය කරන පුරාවිද්‍යා නිලධාරීන් පවසනවා.
කෙසේවෙතත් එම සේවකයන් කියා සිටින්නේ ද මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ට ද දැඩි අපහසුතා මතු වන බවයි.
Post a Comment