Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වැසෙයි  

Add comments

අම්පාර, ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් එම විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාලයේ පාලනධිකාරිය කටයුතු කර තිබෙනවා. සිසුන් 15ක 20කගෙන් යුත් පිරිසක් විසින් විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් එම් එම් නජීම් මහතා කියාසිටියා.

විශ්වවිද්‍යාලයේ පාලනධිකාරිය මේ සම්බන්ධයෙන් අදාළ පොලිසියට පැමිණීලි තුනක් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිලි වලට අදාළව අක්කරේපත්තු මහේස්ත්‍රාත් අධිකරණය එම සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් කිරිමට නියෝගයක් පවා ලබා දී තිබෙනවා. එහෙත් මේ වනතුරුත් එම සිසුන් ඉවත් නොකිරීම හේතුවෙන් මේ තීරණය ගත් බවයි උපකුලපතිවරයා කියාසිටියේ.

තාක්ෂණ පීඨයේ සිසුන් පස්දෙනෙකු විශ්වවිද්‍යාල ශිෂ්‍ය භාවය අහෝසි කිරීම සහ පන්ති තහනම් කරන ලද සිසුන් ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා තාක්ෂණ පීඨයේ සිසුන් විරෝධතා පැවත්වු අතර එයට පිළිතුරක් නොලැබීම නිසා සිසුන් විසින් පරිපාලන ගොඩනැඟිල්ල අත් පත් කරගෙන ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. මෙම පරිපාලන ගොඩනැඟිල්ල අත්පත් කර ගැනීමත් සමඟ විශ්වවිද්‍යාලයේ පරිපාලනය මුලුමනින්ම බිඳ වැටී ඇති බවද මේ වන විට දින 13 ක පමණ කාලයක් මෙම විශ්වවිද්‍යාලය තුළ කිසිම පරිපාලන කටයුත්තක් කිරීමට නොහැකිව තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG