රුපියල් ලක්ෂ හතලිස් දෙකක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර පාකිස්ථාන ජාතික 67 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි පොලිසිය පවසන්නේ.
ඇය ගිල දමා තිබූ හෙරොයින් කරල් 35ක් ඉවත් කර ගැනීමට පොලිසිය කටයුතු කළා. එම කාන්තාව තවත් පිරිමි පුද්ගලයෙක් සමඟ කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති බවයි පරීක්ෂණ වලදි හෙළිවුණේ.
සැකකරුවන් දින හතක් රඳවාගෙන ප්රශ්න කිරිමට මීගමුව මහේ්ස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා.
Post a Comment