Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්නයි  

Add comments

කාසල්රී ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ගත වු දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයක් වන මහඑලිය රක්ෂිතයට ඊයේ (25) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කෙසෙල්ගමුඔය බගවන්තලාව ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා.

කාසල්රී ජලාශයේ ජල මට්ටම වේල්ල මට්ටමට පැමිණ ඇති අතර වේල්ල මට්ටමින් ඉහල අඩි 4 ක ලැලි ගේට්ටුවක් සවි කර ඇති බවත් , එම ලැලි මට්ටමද ජලාශයේ ජල මට්ටම ඉහල යමින් පවතින බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියේ.
පැවති වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ(25) රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග විමසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG