Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලි රොෂාන් ඇතුලු හත්දෙනාට කොන්දේසි මත ඇප  

Add comments

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුලු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද අධිචෝදනා භාර දුන්නා. නීති විරෝධි ලෙස බලපත්‍ර නොමැතිව වන අලි ලඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙනුයි විත්තිකරුවන් බන්ධනාගාර ගත කර තිබුණේ.

ඒ අනුව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණය නියෝග කළා. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අතර නඩුව යළි නොවැම්බර් 8 දා කැදවීමට නියෝග කළා.

ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයේ ගොනු කළ තුන්වන නඩුව මෙය වෙයි.

නිරාජ් රොෂාන් වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන ප්‍රියංකා සංජීවනී සහ උපාලි පද්මසිරි ඇතුළු හත් දෙනෙකුට එරෙහිව වනසත්ව හා වෘක්ෂලතා පනත සහ පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා. ඒ නීති විරෝධී ලෙස අලි ඇතුන් හතර දෙනකු ළඟ ගබා ගැනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා 24 ක් යටතේයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG