ප්‍රධාන ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ මහවැලි ගඟ දෙපස සිටින ජනතාව වඩාත් අවධානයෙන් සිටිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා. ලක්ෂපාන ජලාශයේද වාන් දොරටුවක් විවෘත කිරිමට වාරිමාර්ග ඉංජිනේරුවන් කටයුතු කළා. රාජාංගනය , අංගමුව, තබ්බෝව සහ කුකුළේ ගඟ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සදහන් කළේ.
Post a Comment