සවුදි ගුවන් ප්‍රහාරයකින් යේමනයේ පුද්ගලයින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
ආර්ථික මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ප්හාරයෙන් පුද්ගලයින් 70ක් පමණ තුවාල ලැබුවා. මියගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය මාස කිහිපය තුළ සවුදි අරාබිය යේමනයේ ගුවන් මෙහෙයුම් දාසය දහසක් සිදුකර තිබෙනවා.
Post a Comment