Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ රජයේ සේවකයන් පිරිසකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි විශාලම බන්ධනාගාරය අසලදී බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. රාජ්‍ය සේවකයන් රැගත් බස්රථයකටයි මෙම ප්‍රහාරය එල්ල වුණේ.

බෝම්බ ප්‍රාහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ප්‍රහාරයකයා කාබුල් අගනුවර පිහිටි පල් ඊ චර්කි බන්ධනාගාරය ආසන්නයේ දී එහි සේවයකයින් පිරිසක් රැගත් බස්රථය ඉදිරියට පැමිණ බෝම්බය පුපුරවා හැර ඇති බවයි.  ප්‍රහාරයෙන්  පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙත් මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු   සංවිධානයක් භාර ගෙන නැහැ. ඊයේ දිනයේද මෙවැනිම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ කොමිසම ඉදිරියේදී පුපුරවා හැරියා. එහිදී එක් අයෙකු මියගොස් 06 දෙනෙකු තුවාල ලැබුවා. මෙම වසරේ  මුල සිටම ඇෆ්ගනිස්ථානයේ සිදු වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ 2014 වසරේ සිට ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාර ඉහළ යමින් පවතින බවයි.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG