Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙලේ සුදාට එරෙහි නඩුව දෙසැම්බර් 13 වනදා  

Add comments

මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ඔහුගේ නැගනිය සහ බිරිඳ අයථා ලෙස උපයා ඇති මුදල් රුපියල් කෝටි 40 ක් විශුද්ධිකරනය කළ බවට වන නඩුව දෙසැම්බර් 13 වනදා කැඳවීමට නියමිතයි.

කොළඹ මහාධිකරණයයි මෙම නියෝගය නිකුත් කළේ. නඩුවේ පළමු විත්තිකාරිය වන වෙලේ සුදා යන අයගේ බිරිඳ සමතයක් සඳහා එකඟ බව ඇයගේ නීතීඥවරිය මහාධිකරණ විනිසුරුවරයා වෙත දැනුම් දුන්නා. විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 57 ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා. මේ අතර වෙලේ සුදා නමැත්තා මේ වනවිට වෙනත් නඩුවක් සදහා මරනීය දණ්ඩනය නියමව සිටිනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG