ඉරිදා දිනය දහම් අධ්‍යාපනය සදහා වෙන් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. තාක්‍ෂණික ලෝකයේ වාණිජ සමාජයක තිබෙන තරගකාරීත්වය තුළින් මිනිස්කම වේගයෙන් පිරිහීයාම නිසා ධර්මයට අනුව ජීවත් වීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලය දරුවන්ට කියාදීම වැදගත් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සම්මේලනයට එක්වෙමින්.
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 8 වන ජාතික සම්මේලනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. සම්මේලනයට සහභාගි වීමට පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත්තා. අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම ගුරුවරයාට ලැබෙන ගෞරවය හෙට දවසේ ද තවත් වැඩි ගෞරවයක් සහිතව සමාජ කාර්යයක් ලෙස පිළිගන්නා නිසා සමාජ ප්‍රශ්න විසඳා ගැනීමට සියලු දෙනා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.
ජනාධිපති,
මෙහිදී ජනාධිපතිතුමා වෙත සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ නිල ප්‍රකාශනය පිළිගැන්වීම සිදුකෙරුණා. ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් සඳහා උපහාර සම්මාන ප්‍රදානය සිදුකෙරුණේ ජනාධිපතිතුමා අතින්. එහිදී ජනාධිපතිතුමා වෙත තිළිණයක් ප්‍රදානය කෙරුණා.
Post a Comment