Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු සහ දකුණු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමට තවත් තීරණයක් ගනී  

Add comments

උතුරු සහ දකුණු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් දෙරට දේශසීමාව ආසන්නයේ යුද හමුදා අභ්‍යාස සහ ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය මාසයේ දේශසීමාව ආසන්නයේ පැවැති අන්තර් කොරියානු සාකච්ඡාවලින් පසුව උතුරු සහ දකුණු කොරියා අතර යහපත් සබදතා වර්ධනය වෙමින් පවතිනවා. එහිදී ඇති කරගත් ගිවිසුම්වලින් දේශසීමාව ආසන්නයේ සතුරු කලාපයක් බවට පත් නොකිරීමටත් එහි ඇති බිම් බෝම්බ මෙන්ම හමුදා කදවුරු ඉවත් කිරීමටත් පසුගියදා කටයුතු කෙරුණා. මෙලෙස සිදු කිරීමෙන් ඔවුන්ගේ අරමුණු වූයේ කොරියා කලාපය න්‍යෂ්ටික අවි ආයුධවලින් තොර කලාපයක් බවට පත් කිරීමයි. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ඔවුන්ගේ පාර්ලිමේන්තුවේදි පැවසුවේ දකුණු සහ උතුරු කොරියා අතර පවතින හමුදා ගැටුම් මේ වන විටත් අවසන්ව ඇති බවයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG