Oct
30
විශේෂ කාර්ය බලකායේ පිරිසක් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (31) අලුයමයි මෙය සිදුව ඇත්තේ. උඩවලව රක්ෂිතයේ මුවන් මරා මස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී එක් සැකකරුවෙකු තුවාල ලැබුවා. ඔහු උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබෙනවා. අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. ටී 56 ගිනි අවියක්, සජීවී පතොරම් 27 ක් සහ මුව මස් හා මරණ ලද මුවන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ පිලිබද වැඩිදුර විමර්ෂණ සිදු කෙරෙනවා.
Post a Comment