Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදට කඩා වැටුණු ඉන්දුනීසියා යානයේ කලු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම්  

Add comments

ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුණු ලයන් එයාර් ගුවන්යානයේ කලු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ගුවන්යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සදහා ඩ්‍රෝන සහ සොනාර් තාක්ෂණය යොදාගෙන තිබෙනවා.

යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 189 දෙනෙකු ගමන් කරමින් සිටියා. ඒ අතරින් 178 දෙනෙකු වැඩිහිටියන්. කුඩා දරුවන් සහ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ද ඒ අතර සිටි බව සදහන්. මේ වන විට සිරුරු 10 කට ආසන්න සංඛ්‍යාවක් සොයගෙන ඇති අතර සිරුරු කොටස් කිහිපයක් ද හමුවී තිබෙනවා. යානයේ හා මගීන්ට අයත් බඩු බාහිර ආදියෙහි සුන්බුන් ද සොයා ගැනීමට හැකි වුණා. යානය කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. ඉන්දුනීසියා ගුවන් ඉතිහාසයේ සිදු වූ දරුණුතම ගුවන් අනතුරුවලින් එකක් ලෙස ද මෙය සැලකෙනවා. මෙහෙයුම් අංශ සඳහන් කරන්නේ කිහිප දෙනෙකු හෝ තවමත් ජිවතුන් අතර සිටිය ඉහැකි බවයි. ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG