යාපනය වඩුක්කොඩ්ඩෙයි සෙට්ටියාමඩම් ප්රදේශයේ පිහිටි නවසක් කොල්ල කෑමට පැමිණි පිරිසක් නිවෙස් සිටි පියා සහ දියණියට තියුණු ආයුධකින් පහරදී තිබෙනවා. තුවාල ලැබූ පියා සහ දියණිය අද (25) අළුයම යාපනය රෝහලට ඇතුලත් කළ ඇති බව වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසුවා.
මුහුණ වසාගත් කොල්ලකරුවන් තිදෙනෙකු වහලයෙන් ඇතුල් වී තියුණු ආයුධ වලින් පහර දී නිවසේ තිබූ මුදල් හා රත්තරන් රැගෙන පලා ගොස් තිබෙනවා. කොල්ලකන ලද රත්තරන් හා මුදල්හි වටිනාකම මෙතෙක් ගණනය කොට නැහැ.
වඩුක්කොඩ්ඩෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
Post a Comment