
අන්ධ පුද්ගලයින්ට ද හඳුනා ගැනීමට හැකිවන පරිදි නව කාසි 4 ක් නිකුත් කිරීම මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී සිදු කෙරුණා.
ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රයේ නව පියවර තැබීමක් ලෙස මෙම කාසි නිකුතුව හැඳින්විය හැකියි. ඒ ආබාධ සහිත වූවන් සඳහා සුවිශේෂී වූ කාසි නිකුත් කිරීම හේතුවෙනුයි. අන්ධ පුද්ගලයින් සඳහා නව කාසි නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා තීරණය කළේ ආබාධ සහිත වූවන්ට ද සමාන අයිතීන් ලබා දෙමින්. ඒ අනුව රුපියල, රුපියල් දෙක,රුපියල් පහ හා රුපියල් දහය යන වටිනාකම්වලින් යුත් කාසි නිකුත් කිරීමයි අද සිදුකෙරුණේ. මීට අමතරව යුද හමුදාවේ සංවත්සරය වෙනුවෙන් නව කාසියක් නිකුත් කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මහ බැංකු අධිපති මහාචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment