
අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනයට දැඩි නීතිරීති සමග කඩිනම් වැඩපිළිවෙලක් සදහා ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. සමාජයට ප්‍රබල අභියෝගයක්ව පවතින මෙම අපරාධ මර්දනය සදහා අවශ්‍ය නීතිමය සංශෝධන ද කඩිනමින් කළයුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි. මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබද පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළවයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව පවතින නීතිමය ගැටලු පිළිබද මෙහිදී විශේෂ අවධානය යොමුකෙරුණා. වැටලීම් සදහා ක්‍රියාත්මක කර ඇති විශේෂ වැඩපිළිවෙළට අදාළ නීති සම්පාදන කටයුතුවල ප්‍රගතිය ද ජනාධිපතිතුමා විමසා බැලුවා. ඉදිරි සති දෙක තුළ එම කටයුතු අවසන් කිරීමටයි ජනාධිපතිතුමා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදුන්නේ. නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව පොලිස් නිලධාරීන් සැකකරුවන්ට නඩු පැවරීමේදී පවතින නීතිමය බාධාවන් ඉවත්කර ගැනීමට අදාළ වාර්තාව ඉදිරි සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදුන්නා. මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ දඩ මුදල් සංශෝධනය පිළිබදව ද සාකච්ඡා කෙරුණා. අපරාධ සහ පාතාලය මැඩපැවැත්වීමට ගෙන යන වැඩපිළිවෙළ සහ එහි නීතිමය සංශෝදන පිළිබදව විශේෂ අවධානය යොමුකෙරුණා.
බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබදව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකළා. සියලු නීති සංශෝධන කටයුතු ඇතුළු සෙසු පියවර සදහා අදාළ ආයතන තම වගකීම් කඩිනමින් ඉටු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළා. අදාළ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සති දෙකකින් කැදවීමට ද උපදෙස් ලබාදුන්නා. අනතුරු අවම කිරීම සදහා හදුන්වා දුන් අභිවෘද්ධි ලකුණු ක්‍රමයේ අඩුපාඩු සපුරා ගනිමින් එය විධිමත්ව ක්‍රියාවට නැංවීමේ හැකියාව සොයා බලන ලෙසයි ජනාධිපතිතුමා අදාළ අංශවලට දැනුම් දුන්නේ. රියදුරු පුහුණු පාසල් ප්‍රමිති කරණය පිළිබදව ද අවධානය යොමුවුණා.
මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
Post a Comment