Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතානායක ගැන හිටපු කතානායක කී දේ  

Add comments

කතානායකවරයෙකු සෑම විටම අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බව හිටපු කතානායක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. දික්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහා මේ බව ප්‍රකාශ කළා. මේ අතර කතානායකවරයාට එරෙහි උද්ඝෝෂණ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වුණා.

කතානායකවරයාට විරෝධය පළ කිරීමේ සහ කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සංවිධාන කළ උද්ඝෝෂණයක් කරන්දෙණිය ප්‍රාදේශීය සභාව අභියසදී පැවැත්වුණා. දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති අමරවංශ මුළුගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG