
අගහරු ග්‍රහයාගේ අභ්‍යන්තර සංයුතිය පරීක්ෂා කිරීම සදහා නාසා ආයතනය යැවූ නවතම මාස් ඉන්සයිට් ප්‍රොබ් යානය අගහරු ග්‍රහය මත සාර්ථකව ගොඩබස්වා තිබෙනවා.
පෘතුවියට පසු අභ්‍යවකාශ ග්‍රහවස්තුවක අභ්‍යන්තරය වඩාත් ගැඹුරින් සොයා බලන ප්‍රථම අවස්ථාව මෙයයි. ග්‍රින්ච් වේලාවෙන් රාත්‍රී 7.53 ට යානය අගහරු ග්‍රහයා මතට පැමිණ ඇති බව නාසා ආයතනය නිවේදනය කළා. අගහරු ග්‍රහයා පිළිබද නවතම තොරතුරු ලැබෙන තෙක් එම විද්‍යාඥයින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යානය අගහරු ග්‍රහයා මත ගොඩබැස්වීමත් සමග කැලිෆෝනියාවේ පිහිටි නාසා පාලන මධ්‍යස්ථානයේ සිට විද්‍යාඥයින් ප්‍රීති ඝෝෂා පැවැත් වූවා. නිව්යෝර්ත් නුවර ටයිම්ස් චතුරස්‍රයේදී ජනතාවට එය සජීවීව දැකබලා ගැනීමේ අවස්ථාවද උදාකකර තිබුණා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද නාසා විද්‍යාඥයන්ගේ අගහරු ගවේශනයට සුබපැතුම් එක් කළා.
Post a Comment